නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 345 ක තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම එරඹුගොඩැල්ල සහ කප්පලඩි වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව 2024 අගෝස්තු මස 31 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය හතලිස් පහක (345) තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් 2024 අගෝස්තු මස 31 වන දින පුත්තලම එරඹුගොඩැල්ල වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල සෝදිසි මෙහෙයුමකදී, වෙරළ දෙසට පාවෙමින් තිබූ උර හතරක (04) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් එක්සිය හැට නවයක (169) තොගයක් (තෙත බර සහිත) සහ කප්පලඩි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල සෝදිසි මෙහෙයුමකදී වෙරළ දෙසට පාවෙමින් තිබූ උර පහක (05) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් එක්සිය හැත්තෑ හයක (176) තොගයක් (තෙත බර සහිත) ඇතුළුව බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය හතලිස් පහක (345) ක තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා මෙහෙයුම් හමුවේ රට තුළට රැගෙන යාමට නොහැකිව මෙම බීඩි කොළ තොගය ජාවාරම්කරුවන් විසින් මෙලෙස වෙරළ ප්‍රදේශයන්හි අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙන අතර, නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය, ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.