අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 02 ක් අරිප්පු ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2024 සැප්තැම්බර් මස 03 වන දින අරිප්පු ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් තිස් එක්යි (31) මිලිග්‍රෑම් හාරසීයක (400) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ යතුරු පැදියක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය, මන්නාරම කොට්ඨාස අපරාධ පරීක්ෂක කාර්යාංශය හා එක්ව 2024 සැප්තැම්බර් මස 03 වන දින සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු යතුරු පැදියක් නිරීක්‍ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී අලෙවි කිරීම සඳහා සූදනම් කර රැගෙනයමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තිස් එක්යි (31) මිලිග්‍රෑම් හාරසීයක (400) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම යතුරු පැදිය (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් දෙලක්‍ෂ අනූ අටදහස් තුන්සීයක් (298,300) පමණ වෙතැයි විශ්වාස කෙරේ.

තවද, අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 ක් සහ 35 ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් දෙදෙනා (02), අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තිස් එක්යි (31) මිලිග්‍රෑම් හාරසීයක (400) පමණ ප්‍රමාණය සහ යතුරු පැදිය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.