නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1,648 ක තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය වෙල්ලමුන්දලම සිට කෝලන්කනත්ත දක්වා වු ප්‍රදේශයට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශයේ සහ කෝලන්කනත්ත වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2024 සැප්තැම්බර් මස 17 සහ 18 දෙදින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හයසිය හතලිස් අටකට (1,648) අධීක තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණය විසින් 2024 සැප්තැම්බර් මස 17 වන දින කල්පිටිය වෙල්ලමුන්දලම සිට කෝලන්කනත්ත දක්වා වු ප්‍රදේශයට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදි, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබු උර පහක (05) අසුරන ලද බීඩි කොළ කිලෝ එක්සිය හැට නවයයි ග්‍රෑම් පන්සියයක (169.5) තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම එම වෙරළ ප්‍රදේශය තුල ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් 2024 සැප්තැම්බර් මස 18 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ ලදු කැලෑවක් තුල සඟවා තිබු උර හතලිස් පහක (45) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හාරසිය හැත්තැ නවයක (1,479) තොගයක් (තෙත බර සහිත) වශයෙන් බීඩි කොළ කිලෝ එක්දහස් හයසිය හතලිස් අටයි ග්‍රෑම් පන්සීයක (1,648.5) තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා මෙහෙයුම් හමුවේ රට තුළට රැගෙන යාමට නොහැකිව මෙම බීඩි කොළ තොගය ජාවාරම්කරුවන් විසින් මෙලෙස අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙන අතර, නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා වයඹ පලාත් සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය වෙත භාරදීමට කටයුතු කෙරිණි.