නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 810 ක තොගයක් පුත්තලමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය හා එක්ව, පුත්තලම ආලංකුඩා ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 19 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් අටසිය දහයයක (810) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය, පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය හා එක්ව, පුත්තලම ආලංකුඩා ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 19 වන දින සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබු උර විසි හයක (26) අසුරන ලද බීඩි කොළ කිලෝ අටසිය දහයක (810) තොගයක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදාව සිදුකරණු ලබන නිරන්තර මෙහෙයුම් හමුවේ රැගෙන යාමට නොහැකිව මෙම බීඩි කොළ තොගය ජාවාරම්කරුවන් විසින් මෙලෙස සඟවා තබන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.