මෙහෙයුම් පුවත්
රුපියල් මිලියන 14 කට අධික දළ වීථි වටිනාකමින් යුත් විදේශීය කංසා තොගයක් යාපනය ඩෙල්ෆ්ට් දූපතේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් දූපතේ වෙල්ලායි වෙරල ප්‍රදේශයේ 2025 දෙසැම්බර් මස 07 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරල ප්‍රදේශයේ සඟවා තිබු විදේශීය කන්සා කිලෝ 62 ග්‍රෑම් 200 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
08 Dec 2025
කල්පිටිය මුහුදු තීරයේදී සිදුකල විශේෂ නාවික හමුදා මෙහෙයුමකින් තවත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු තීරයේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තුනක් (03) රැගත් ඩිංගි යාත්‍රාවක් සහ එහි සහය සඳහා පැමිණි සිටි තවත් ඩිංගි යාත්‍රාවක් සැකකරුවන් 04 ක් සමඟ 2025 දෙසැම්බර් 05 දින රාත්‍රියේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. මත්ද්‍රව්‍ය සහිත බවට සැක කෙරෙන උර තුන (03) අද උදෑසන (2025 දෙසැම්බර් 06) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, එම උර තුල අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 63කට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 14කට අධික තොගයක් ඇති බවට තහවුරු වූ අතර, එම මෙහෙයුම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යන්ශයේදී පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහභාගී විය.
06 Dec 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහකල විදේශීය දුම්වැටි 160,000 ක තොගයක් ඩෙල්ෆ්ට් මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් දකුණු මුහුදු ප්‍රදේශයේ 2025 දෙසැම්බර් මස 03 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල විදේශීය දුම්වැටි එක්ලක්‍ෂ හැටදහසක (160,000) පමණ තොගයක් සමඟ රූපලාවණ්‍ය සහ අත් ඔරලෝසු තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
05 Dec 2025
මන්නාරම ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව මුදා ගැනීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක්
අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරම, නානාට්ටාන්, මුරුන්කන්, විඩයානකුලම් සහ සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඇති වී ඇති ගංවතුර තත්වය හමුවේ ආපදාවට පත් පුද්ගලයන් ආරක්‍ෂිතව මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද්ධ හමුදාව හා එක්ව එකාබද්ධ මුදාගැනීමේ මෙහෙයුමක් 2025 නොවැම්බර් මස 29 සිට දෙසැම්බර් 01 දක්වා සිදුකෙරිණි.
02 Dec 2025
ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සඳහා නාවික හමුදාවේ අඛණ්ඩ සහය
අයහපත් කාලගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන්, වෛද්‍ය සේවා, වියළි ආහාර, පානීය ජලය ලබාදීම මෙන්ම, ගංවතුරෙන් ආපදාවට පත් ජල සම්පාදන සේවා යථාතත්වයට පත්කිරීම ඇතුළු ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම වෙනුවෙන් සිදුකෙරෙණ මානුෂිය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සඳහා ඊයේ දිනයේද (2025 දෙසැම්බර් 01) නාවික හමුදාවේ සහය ලබාදීම සිදුකෙරිණි.
02 Dec 2025
ගංවතුරෙන් ආපදාවට පත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජනතාව වෙත මානුෂීය ආධාර ලබාදෙම සඳහා නාවික හමුදා සහය
අයහපත් කාලගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන්, අමිතිරිගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මඟින් වෛද්‍ය සායනයක්, අවිස්සාවේල්ල ගුරුගල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී 2025 නොවැම්බර් මස 30 දින පැවැත්වුණු අතර, එම වෛද්‍ය සායනය වෙනුවෙන් සහ එම ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර ලබාදීම සඳහා එහිදී නාවික හමුදාවේ සහය ලබාදීම සිදුකෙරිණි.
01 Dec 2025
මන්නාරම ඉලුප්පුකඩවායි සහ සෙට්ටිකුලම ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් 157 ක් නාවික හමුදාව මුදාගනියි
අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරම ඉලුප්පුකඩවායි සහ සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඇති වී ඇති ගංවතුර තත්වය හමුවේ ආපදාවට පත් පුද්ගලයන් එකසිය පනස් හත් දෙනෙකු (157) නාවික හමුදා ආපදා සහන මෙහෙයුම් මඟින් මුදා ගැනීමෙන් පසු, ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර අවශ්‍ය සහන සැලසීමට 2025 නොවැම්බර් මස 30 දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
01 Dec 2025
යාපනය අනලතිව් දුපතේ අසාද්‍යවූ දරුවෙකු හදිසි ප්‍රථිකාර සඳහා යාපනය දිස්ත්‍රීක් රෝහල වෙත ඇතුලත් කිරීමට නාවික හමුදා සහය
යාපනය අනලතිව් දුපතේ අසාද්‍යවූ දරුවෙකු වෙත හදිසි ප්‍රථිකාර ලබා දීම සඳහා නාවික හමුදා යාත්‍රාවක් මඟින්, යාපනය කයිට්ස් දුපතේ කරම්පන් ජැටිය වෙත රැගෙන ඒමට ඊයේ දින රාත්‍රීයේදී (2025 නොවැම්බර් 30) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
01 Dec 2025
වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් මෝටර් රථයක් මුදා ගැනීමට නාවික හමුදා සහය
අධික වර්ෂාපතනය හේතුවෙන් වව්නියාව, සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ, මැදවච්චිය මන්නාරම මාර්ගයේ සෙට්ටිකුලම් ප්‍රදේශයේදී ගංවතුරෙන් ආපදාවට පත් මෝටර් රථයක් සහ එහි සිටි පුද්ගලයන් මුදා ගැනීමට නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් ඊයේ දිනයේ (2025 නොවැම්බර් 30) කටයුතු කෙරිණි.
01 Dec 2025
ත්‍රිකුණාමලය මාවිල් ආරු වැව් බැම්මේ කොටසක් කැඩී යාමෙන් ආපදාවට ලක්වූ පුද්ගලයන් 309 ක් නාවික හමුදාව මුදාගනියි
අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි ත්‍රිකුණාමලය මාවිල් ආරු වැවේ, වැව් බැම්මේ කොටසක් ඊයේ (2025 නොවැම්බර් 30) කැඩී යාමෙන්, ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ හා සහන සැලසීමේ මෙහයුම් නොවැම්බර් 30 දිනය පුරා නාවික හමුදාව අඛණ්ඩ සිදුකරමින් සිටියි.
01 Dec 2025


