ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවාගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන ධීවර හා නාවික ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා වගකීමෙන් බැඳී සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දින කිහිපය තුළදී ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් සිදු කරන ලද ආපදා සහන ඉල්ලීම් සඳහා ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් සාර්ථක මුදවාගැනීමේ මෙහෙයුම් සිදු කරන ලදී.