නාවික හමුදාව පසුගිය සතිය තුල සිදුකල විශේෂ මෙහෙයුම් මගින් රුපියල් මිලියන 29 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 98 ග්‍රෑම් 715 ක් සමගින්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 950ක් (Crystal Methamphetamine) සහ සැකකරුවන් තිදෙනෙක් (03) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.