මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ පුද්ගලයින් 40ක පිරිසක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් පසුගිය දින කිහිපය තුල උතුරු මැද සහ වයඹ නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 2186 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 40ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Nov 2020
රුපියල් මිලියන 63කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනඒමට උත්සාහ කල රුපියල් මිලියන 63කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 213 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) 2020 නොවැම්බර් 05 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
05 Nov 2020


