ශ්රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව දිවයිනේ මුහුදු ප්රදේශ කිහිපයක් ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්රා පහක් (05), ඉන්දීය ජාතිකයින් 36 ක් සහ ධීවර ආම්පන්න අද (2020 දෙසැම්බර් 15) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.