මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාව දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි පසුගිය සති කිහිපය තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 39 ග්‍රෑම් 197 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 14 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.