මෙහෙයුම් පුවත්

මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 8700කට අධික තොගයක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ජනවාරි 08 වන දින රාත්‍රී කා‍ලයේදී වයඹ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 8769 ක පමණ තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කල අතර එම අත් අඩංගුවට ගත් කහ තොගය සහ ඉන්දියානු ජාතිකයින් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ජනවාරි මස 09 වන දින ගොඩබිම වෙත ගෙන ඒමට කටයුතු කරන ලදී.

10 Jan 2021