ශ්රී ලංකාවේ සිට ඉන්දියාව වෙත ගුවන් මඟින් ගොස් නැවත ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මඟින් මන්නාරම ප්රදේශය වෙත කුඩා යාත්රාවකින් පැමිණෙමින් සිටි පුද්ගලයෙකු සමඟ එම යාත්රාවේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු (02) 2021 මැයි 11 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.