කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඉදිරිපස ඇති වූ ගින්න මේ වන විට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්ත වෙමින් පවතී. කාළගුණික තත්වයේ වෙනස් වීම මත දැඩි වූ සුළං ප්‍රවාහය මෙලෙස ගින්න තවත් වර්ධනය වීමට හේතුවී ඇති අතර, මේ වන විට නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය සහ ගලවා ගැනීමේ සමාගමේ විශේෂඥ පිරිස නිරුපද්‍රිතව නෞකාවෙන් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කෙරිණි.