කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඉදිරිපස ඇති වූ ගින්න මේ වන විට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්ත වි ඇති අතර, නෞකාව මතින් මුහුදට වැටෙන බාහාලුම් සහ විවිධ කොටස් මුහුදේ රළ ස්වභාවය අනුව පාවී වෙරළ තීරයට ගොඩගසන බව නිරික්ෂණය වේ.