ශ්රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු ප්රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟින් කේරල ගංජා කිලෝ 237 යි ග්රෑම් 500ක පමණ ප්රමාණයක් සමඟ ඩිංගි යාත්රාවක් සහ සැකකරුවන් තිදෙනෙකු (03) අද (2021 ජුනි14) දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.