ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට (Great Basses) නාවික සැතපුම් 610 ක් පමණ (කිලෝ මීටර් 1129 ක් පමණ) දුර ගැඹුරු මුහුදේදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලබා අසාධ්‍යව සිටි, මෙරට බහුදින යාත්‍රාවක ධීවරයෙකු ශ්‍රි ලංකා නාවික නෞකා ‘සයුරල’ නෞකාව මගින් හම්බන්තොට වරාය වෙත රැගෙනවිත් ප්‍රතිකාර සඳහා කඩිනමින් හම්බන්තොට රෝහල වෙත යොමු කිරීමට, නාවික හමුදාව අද (2021 ජූලි 18) කටයුතු කෙරිණි.