ශ්රී ලංකා නාවික හමුදාව යාපනය තොන්ඩමනාරු ප්රදේශයට ඔබ්බෙන් වූ උතුරු මුහුදු ප්රදේශයේ 2021 ජූලි 19 දින අළුයම් කාලයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 139යි ග්රෑම් 100ක පමණ තොගයක් ජාවාරම් කරුවන් විසින් නාවික මෙහෙයුම් හමුවේ ගොඩබිමට ගෙන ඒමට නොහැකිව මුහුදට දමා තිබියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.