නාවික හමුදාව විසින් සිලාවතුර සාවාරිපුරම් ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ අද (2021 සැප්තැම්බර් මස 09) අළුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 1172 පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.