මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 72000 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ අද අළුයම (2021 සැප්තැම්බර් 12) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 72542ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

12 Sep 2021