ශ්රී ලංකා නාවික හමුදාව මන්නාරම, නරිවිල්කුලම් වෙරළ ප්රදේශයේ 2021 සැප්තැම්බර් 21 වන දින සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී, ජාවාරම් කරුවන් විසින් නාවික මෙහෙයුම් හමුවේ එම වෙරළ තීරයේ අතහැර දමා තිබූ කේරළ ගංජා කිලෝ 228 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.