නාවික හමුදාව විසින් අද (2021 ඔක්තෝබර් 04) නොරොච්චෝලේ වෙරළ ප්රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් වෙරළ තීරයේ ධීවර වාඩියක සඟවා තිබූ වියලි කහ කිලෝග්රෑම් 1064 ක පමණ තොගයක් සමඟ සැකකරුවකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.