නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 08 වන දින හලාවත, කරුකපනේ දැදුරු ඔය මෝය කට ප්රදේශයේ සහ මන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි වෙරළ ප්රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝග්රෑම් 1672 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.