ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව 2021 ඔක්තෝබර් මස 01 වන දින සිට ඔක්තෝබර් මස 31 වන දින දක්වා කාලය තුළ බටහිර, නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ සහ දකුණ යන නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 112 ක්, ලොරි රථයක් සහ ධීවර යාත්‍රා 26ක් ඇතුළු ධීවර ආම්පන්න නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.