මෙහෙයුම් පුවත්

මුහුදේ දී ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් මුදා ගැනීම සඳහා නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් ‘අසේල පුතා II’ නැමති බහු දින ධීවර යාත්‍රාවෙන් මුදාගත් ධීවරයින් පස් දෙනෙකු (05) නාවික හමුදාවේ සම්බන්ධීකරණයෙන් MV PGC Periklis (IMO 9796171) නම් විදේශිය නෞකාව මඟින් ගාල්ල වරාය වෙත රැගෙන විත් ප්‍රතිකාර කටයුතු සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමු කිරීමට අද (2022 ජනවාරි 08) සන්ධ්‍යාවේ නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

08 Jan 2022