ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් 2022 ජනවාරි මස 17 සහ 22 යන දිනයන්හී අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය රැගත් දේශීය ධීවර යාත්‍රා සහ දේශීය සැකකරුවන් 11 දෙනා අද (2022 ජනවාරි 25) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එය නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.