ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ එක්ව 2022 ජනවාරි මස 26 වන දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් වෙත හුවමාරු කිරීමට සූදානම්ව සිටි විදේශීය බහුදින ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමට යාමේදී, එහි තිබූ හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200ක පමණ තොගයක් සැකකටයුතු යාත්‍රාව මඟින් මුහුදට දමන ලද අතර, නාවික හමුදාව එම යාත්‍රාවට ගොඩවී සිදුකළ වැඩිදුර පරීක්ෂාවේදී ඉතිරිව තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක පමණ ප්‍රමාණයක් සහ චන්ද්‍රිකා දුරකථනයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනෙකු ඉදිරි විමර්ශන කටයුතු සඳහා අද (2022 පෙබරවාරි 03) කොළඹ වරාය වෙත රැගෙන එන ලදී. මෙම ඒකාබද්ධ මෙහෙයුම මඟින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් රට තුලට ගෙන ඒමට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දැරූ ප්රයත්නය සාර්ථකව වළක්වා ගැනීමට නාවික හමුදාවට හැකිවිය.