ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයි මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ටෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු, 2022 පෙබරවාරි මස 26 වන දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.