මෙහෙයුම් පුවත්
පොල්පිතිගම, මාඑළිය ප්රදේශයේ ඇති වූ හදිසි ගින්නක් පාලනය කිරීම සඳහා නාවික හමුදා සහාය
පොල්පිතිගම, මාඑළිය ප්රදේශයේ දිගිලිය කන්ද රක්ෂිතයේ 2022 මාර්තු මස 27 රාත්රීයේ හටගත් හදිසි ගින්නක් පාලනය කිරීම සඳහා නාවික හමුදාව සහය ලබා දෙන ලද අතර, මේ වන විටත් (2022 මාර්තු 28) එම ගින්න පැතිරීම වැළැක්වීමේ කටයුතු නාවික හමුදාව විසින් සිදු කෙරෙමින් පවතී.
29 Mar 2022
තහනම් ධීවර දැල් කිලෝ ග්රෑම් 1418ක් සමඟ සැකකරුවෙකු මන්නාරමේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, ශ්රී ලංකා පොලිසිය හා එක්ව මන්නාරම, උප්පුකුලම් ප්රදේශයේ 2022 මාර්තු මස 27වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නිවසක නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ තහනම් ධීවර දැල් (Monofilament Nets) කිලෝග්රෑම් 1418 ප්රමාණයක් සමඟ සැකකරුවෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
28 Mar 2022


