නාවික හමුදාව විසින් අද (2022 මාර්තු 30) යාපනය කයිට්ස් දූපතේ අල්ලප්පිඩ්ඩි ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්රෑම් 1828 පමණ තොගයක්, එනසාල් කිලෝග්රෑම් 137ක පමණ තොගයක් සහ කෘෂි රසායන බෝතල් 134ක ප්රමාණයක් සමඟ සැකකරුවකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.