ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය, සල්ලිමුනෙයි වෙරළ තීරයේ 2022 අප්‍රේල් මස 23 වන දින සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී, නීති විරෝධී ලෙස වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය යොදා සකස් කළ පුපුරණ ද්‍රව්‍ය කොටස් 08ක්, විදුලි නොවන ඩෙටනේටර් 7ක් සහ අගල් 2.5 බැගින් වූ වෙඩිනූල් 07ක් ලඟතබා ගත් සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.