ශ්‍රී ලංකා නාවික හමුදාව මුලතිව්, නයාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් බෝයාවක් ආධාරයෙන් මුහුදු පතුලේ සඟවා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 04ක් සමඟ තවත් පුපුරණද්‍රව්‍ය ආම්පන්න කිහිපයක් 2022 අප්‍රෙල් මස 26 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.