ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට ඇතුළු වී උතුරු මුහුදේ අනවසර ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 ජුලි 04 වන දින සවස් කාලයේද ක්‍රියාත්මක කළ අතර, එහිදී මෙරට මුහුදු සීමාව තුළ අනලතිව් දූපතට නුදුරෙන් වූ මුහුදේ අනවසර ධිවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ධීවරයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.