ශ්රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ 2022 ජුලි මස 06 වන දින රාත්රියේ සිදුකළ මුර සංචාරයකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 07 ක් සමග ජාවාරම්කරුවන් 02 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.