මෙහෙයුම් පුවත්

නීති විරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 67 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්මුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදේ අද (2022 ජුලි 08) අළුයම සිදුකළ මුර සංචාරයකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 67 දෙනෙකු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

08 Jul 2022