මෙහෙයුම් පුවත්
ගාල්ල ප්‍රදේශයේ ගංවතුර අවධානම අවම කිරීමට නාවික හමුදාවෙන් පාලම් ආශ්‍රිතව අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්
පසුගිය දින කිහිපය තුල පැවති අධික වැසි සහිත කාලගුණික තත්වය හමුවේ ගිං ගඟෙහි ජල මට්ටම ඉහල යෑමෙන් ගාල්ල ප්‍රදේශයේ අගලිය සහ දොඩම්ගොඩ යන පාලම් ආශ්‍රිතව ජලය බැස යාම අවහිර වන ලෙස සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් 2022 අගෝස්තු මස 03 වන දින නාවික හමුදාව විසින් සිදුකර ප්‍රදේශයේ ඇතිවිය හැකිව තිබූ ගංවතුර අවධානම අවම කිරීමට කටයුතු කෙරිණි.
04 Aug 2022
රුපියල් මිලියන 10 ක පමණ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු දූපත් ආශ්රිත මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කයිට්ස් දූපත හා පුන්ගුඩුතිව් දූපත අතර මුහුදු ප්‍රදේශයේ අද (2022 අගෝස්තු 04) අළුයම් කාලයේදී සිදුකල මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ 34 ග්‍රෑම් 38 ක පමණ (තෙත බර සහිත) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Aug 2022


