මෙහෙයුම් පුවත්

කාර්මික දෝෂයක් හේතුවෙන් මෙරට මුහුදු සීමාවට පාවී ආ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදාව මඟින් ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදෙයි

කාර්මික දෝෂයක් හේතුවෙන් එන්ජින් යන්ත්‍රය අක්‍රීයවී මෙරට මුහුදු සීමාවට පාවී ආ ඉන්දීය ධීවර යාත්‍රාවක් පේදුරුතුඩුව සිට නාවික සැතපුම් 26 ක් (කි‍ලෝමිටර් 48 ක් පමණ) දුර උතුරු මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් නිරීක්‍ෂණය කර, එම යාත්‍රාවට අවශ්‍ය මානුෂීය ආධාර ලබාදී ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත ඇදගෙන ගොස්, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ඇනී බෙසන්ට් (ICGS Annie Besant) නෞකාව වෙත භාරදීමට අද (2022 සැප්තැම්බර් 28) උදෑසන නාවික හමුදාව විසින් කටයුතු කරන ලදි.

28 Sep 2022

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 06 ක් තලෛමන්නාරමේදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 27 වන දින උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

28 Sep 2022

තොටලඟ ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහාය

තොටලඟ කජීමාවත්ත ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 27 වන දින රාත්‍රියේ ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා ගින්න පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම් දෙකක (02) සහය ලබාදීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

28 Sep 2022