කල්පිටිය සිට බත්තලංගුණ්ඩුව දුපත වෙත දේශිය සංචාරකයන් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් සිටියදී, මුහුදු ජලය කාන්දුවීම හේතුවෙන් ආපදාවට පත් වූ ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් තිස් අට දෙනෙකු (38) නිරුපද්‍රිතව මුදවා ගැනීමට ශ්‍රි ලංකා නාවික හමුදාව අද (2022 ඔක්තෝබර් 01) පස්වරුවේ කටයුතු කරන ලදි.