නාවික හමුදාව යාපනය, වෙත්තලකේනී කුඩෙයිරිප්පු ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ 2022 ඔක්තෝබර් මස 13 වන දින රාත්රියේ සිදු කල විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස රාත්රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු (05)  සහ ඩිංගි යාත්රා දෙකක් (02) මුහුදු කූඩැල්ලන් 10,000 ක පමණ තොගයක් සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.