මෙහෙයුම් පුවත්

වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 400 ක තොගයක් යාපනය, කකරතිව් දූපතේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කකරතිව් දූපතේ අද (2022 ඔක්තෝබර් 20) උදෑසන සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම දූපතේ සූක්ෂම ලෙස වළ දමා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 400 ක තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

21 Oct 2022

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 ඔක්තෝබර් මස 19 වන දින රාත්‍රියේ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් තුන් දෙනෙකු (03) කරෛයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

20 Oct 2022