ශ්රී ලංකා නාවික හමුදාව, ගාල්ල හබරාදූව වෙරළ ආශ්රිත ප්රදේශයේ අද (2022 ඔක්තෝබර් 23) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්රමණය වීම සඳහා සූදානම්ව රැඳී සිටි බවට සැකකෙරෙන පුද්ගලයන් 45 දෙනෙකු එම ප්රදේශයේ ලැගුම්හලක සිටියදී නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.