මියන්මාරයේ සිට ඉන්දුනීසියාව දක්වා මියන්මාර් ජාතිකයින් 104 ක් ප්‍රවාහනය කරමින් තිබූ මගී ප්‍රවාහන යාත්‍රාවක් එහි ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්වී, වෙත්තලකේනි ප්‍රදේශයට නාවික සැතපුම් 3.5 ක් පමණ උතුරු දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයට 2022 දෙසැම්බර් මස 17 වන දින රාත්‍රියේ අනවසරයෙන් පැමිණ ඇති අතර, එම මගී ප්‍රවාහන යාත්‍රාවේ සිටි මියන්මාර් ජාතිකයන් 104 ක් නිරුපද්‍රිතව මුදාගැනීමට අද (2022 දෙසැම්බර් 18) උදෑසන නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.