ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, උදයපුරම් වෙරළ ප්‍රදේශයේ අද දින (2022 දෙසැම්බර් 22) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී, එම වෙරළේ සූක්‍ෂම ලෙස සඟවා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 22 ක් සහ ඩෙටර්නේටර් 07 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.