නාවික හමුදාව කල්පිටිය, ඉප්පන්තිව් ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ 2023 පෙබරවාරි මස 04 වන දින උදෑසන කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමකදී වලංගු බලපත් රහිතව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ වාලම්පූරි 17 ක්, කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් ගණනින් 671 ක පමණ තොගයක් සහ ඩිංගි යාත්රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.