නාවික හමුදාව විසින් 2023 පෙබරවාරි මස 09 වන දින සිට 15 වන දින දක්වා මන්නාරම අච්චානකුලම්, යාපනය පුංගුඩුතිව්, මන්නාරම නරිවිල්කුලම්, යාපනය පලෛතිව් දූපත, යාපනය කල්මුණේ තුඩුව යන ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හී සහ දිවයිනට ඊසාන දෙසින් වූ මුහුදේ දී සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් පනස් තුන්දෙනෙකු (53) සමඟ ඩිංගි යාත්‍රා දහතුනක් (13), එක්දින ධීවර යාත්‍රාවක් (01), කිමිදුම් උපකරණ, ධීවර ආම්පන්න, නීති විරෝධී ලෙස අල්ලන ලද මත්ස්‍යයින්, මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.