මෙහෙයුම් පුවත්
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයෙක් නැගෙනහිර මුහුදේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලය හා එක්ව පුල්මුඩේ, තුඩුව ප්රදේශයේ අද දින (2023 මාර්තු 22) උදෑසන කාලයේ සිදු කල ඒකාබද්ධ විශේෂ මෙහෙයුමකදී, වලංගු බලපත්ර රහිතව නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයෙක් (01) සමඟ ඩිංගි යාත්රාවක් (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
23 Mar 2023
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් වෙන්නප්පුවට ඔබ්බෙන් වූ මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව වෙන්නප්පුව ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ අද දින (2023 මාර්තු 22) අළුයම් කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් 379 කට අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
22 Mar 2023


