ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 02 වන දින රාත්‍රියේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 428 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ අතර, අද අළුයම (2023 අප්‍රේල් 03) කන්කසන්තුරය වරායට රැගෙන ආ එම කේරළ ගංජා තොගය නිරීක්‍ෂණය කළ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා එම මෙහෙයුම සිදුකල කණ්ඩායම වෙත සිය ප්‍රශංසාව පල කිරීමට කටයුතු කෙරිණි.