මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 17 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කුඩරිප්පු වෙරළ ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 03 වන දින සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දහහත් දෙනෙකු (17) සමඟ කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් ගණනින් 3005 ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රා හයක් (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

04 Apr 2023