මෙහෙයුම් පුවත්
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 12 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මාමුනෙයි හා චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි 2023 අප්‍රේල් මස 16 වන දින හා අද දින (2023 අප්‍රේල් 17) සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකළ හා විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
18 Apr 2023
රුපියල් මිලියන 3593 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 179 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06 ක් නාවික හමුදාව සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් අත්අඩංගුවට ගනියි
ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරක් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව ශ්‍රී ලංකාවට දකුණෙන් හම්බන්තොට කුඩා රාවණා ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 132 ක් පමණ (කිලෝමීටර් 244 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, රුපියල් මිලියන 3593 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 179 ග්‍රෑම් 654 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙක් (06) 2023 අප්‍රේල් මස 15 වන දින, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නෞකා සමුද්රාරක්ෂා නෞකාව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. එම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් අද දින (2023 අප්‍රේල් 17) උදෑසන ගාල්ල වරාය වෙත රැගෙන එන ලද අතර, එම මත්ද්‍රව්‍ය තොගය පරික්ෂා කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.
17 Apr 2023


