ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වංකාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 මැයි 08 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් ධීවර කටයුතු සිදුකිරීම සඳහා සූදානමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකු (07); වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු දහයක් (10), විදුලි නොවන ඩෙටර්නේටර් දහ අටක් (18) සහ කිමිදුම් උපකරණ සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.