ශ්රී ලංකා නාවික හමුදාව, පුල්මුඩේ අරිසිමලේ ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ අද දින (2023 මැයි 25) අළුයම් කාලයේ දී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.